අපගේ කාර්ය මණ්ඩලයේ කිසියම් සාමාජිකයෙකු අල්ලස් ඉල්ලා සිටීම, දූෂිත ක්‍රියාවන්හි යෙදීම හෝ වෙනත් අක්‍රමිකතා සිදු කරන්නේද? එසේ නම්, කරුණාකර අභ්‍යන්තර කටයුතු ඒකකයට දන්වන්න. ඔබගේ රහස්‍යභාවය පවත්වා ගැනීමට අපි කැපවී සිටිමු.

iau poster

ඒකකයේ කාර්යභාරය

  • දූෂණ වංචාවෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් කාර්යාලය තුළ ගොඩනැංවීම

ප්‍රධාන අරමුණු

  • රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය කාර්යක්ෂමතාව පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම
  • ආචාර ධාර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්‍රමිතීන් සමඟ ඒකාබද්ධ වෙමින් ස්වයං පාලනයකින් යුතුව සිදුකරන නිවැරදි ක්‍රියාදාමයන් තුළින් සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම

වගකීම්

  • රාජ්‍ය සේවයෙන් අල්ලස දූෂණය නාස්තිය ලබැඳියාවන් අතර ගැටුම ඥාති සංග්‍රහය සහ අකාර්යක්ෂමතාවය සහමුලින්ම තුරන් කිරීම වෙනුවෙන් කැපවීම
  • සෑම සේවා ලාභියෙකුටම කිසිදු භේදයකින් තොරව සමානාත්මතාවයෙන් හා කාරුණිකව සේවය සැපයීමට බැඳී සිටීම
  • පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට වඩා සැම විටම පොදු මහජන යහපතට ප්‍රමුඛතාවය ලබාදීම
Scroll To Top