වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 04කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 6192 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 585 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 3348725 කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 155000/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 2884700/- ක්ද, ධීවර හා සත්ත්ව පාලනය සඳහා රු. 270000/- ක්ද මැටි ගම්මාන ක්ෂේත්‍ර චාරිකාව සඳහා රු.39025/- කද මුදලක් වෙන් කර ඇත.
මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඔකිඩ් වගාව සඳහා දැල් ගෘහ හා අලෙවි කුටි ලබාදීම සධහා ප්‍රතිලාභින් 30 දෙනෙකු වෙනුවෙන් රු. 1356687 ක මුදලක් වෙන් කර ඇත.සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 17ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම කරත්ත 17ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 70ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.
එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇල්දෙනිය chillies ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.